"ශිඛරයේ" අලුත්ම සිංදුවක්.. අහලා බලන්න.............
ජීවිතේ දිගුම රාත්‍රිය
“හිත වාවනු බැරිවී එන්නට, හිතුනොත් ආපහු ගම රට ” කාගේ හෝ ටැබ් යන්ත්‍රයකින් කාමරය පුරා විසිරෙන සේනානායක වේරලියැද්දයන්ගේ ගීතය සිත තව තවත් ඔද්දල් කර දමයි. සේවා මුර අවසන්ව වරින් වර කාමරයට පැමිණෙන නිත්‍ය සාමාජිකයින් අතින් විදුලි බල්බය දැල්වන වාරයක් පාසා අවදිවීම සිදුවෙයි. තට්ටු ඇඳන් පිහිටා ඇති කාමරයේ මට හිමිවූයේ උඩ තට්ටුවේ ඇඳක්ය. ඒ අසලම ඇති විවර කර ඇති ජනේලය තුළින් කටාරයේ සීතල සුළඟ කාමරයට රිංගා ගන්නේ පළමුව අසුවන මා අධික සීතලෙන් පෙලා දමමින්ය. ජීවිතයේ ප්‍රථම වරට බිරිඳත් දරු දෙදෙනාත් ලංකාවේ තනිකර සැතපුම් දහස් ගණනක දුරක් ගෙවා පැමිණ ගතකරන පළමු රාත්‍රියයි. ලංකාවෙන් එපිට ගෙවෙන පළමු රාත්‍රිය මෙතරම් දිගු වේයැයි කිසිවිටක මට නොසිතී තිබූ තරම! බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් “කටාර් එයාවේස්” සමාගමට අයත් ගුවන් යානයට නගින විට සිතේ තිබූ ප්‍රමෝදය දැන් නම් සහමුලින්ම පිටව ගියාක් වැනිය. මා ඇරලවන්නට ගෙදර සියල්ලන්ම පැමිණියේය. වයස අවුරුදු දෙකකට ආසන්න වූ දියණියත්, මාස තුනක් පමණක් වූ පුත්‍රයාත් , බිරිඳත් දමා ඒම කිසිම විටක පහසු කටයුත්තක් නොවීය. මගේ අම්මාට නම් හැඩුනි. බිරිඳ දෙනෙතින් නොහඩන්නේ මා අධෛර්යට පත්වේ ය...
Comments
Post a Comment