Posts

Showing posts from June, 2018

දෝහා සිට බර්වා දක්වා

Image
“බර්වා” කියූ විට ලංකාවේ අපට නම් මතක් වන්නේ බරවා රෝගයයි. සිංහලෙන් විහිලු සහගත නමක් වුවද බර්වා යනු කටාරයේ අලුතින් ඉදිවන ආයෝජන කලාපයකි. වර්ග කිලෝමීටර් 11,000 කට ආසන්න භූමි ප්රවමාණයකින් සමන්විත කටාර් රාජ්‍යය මැද පෙරදිග කලාපයේ පිහිටි කුඩාම රාජ්‍යයන්ගෙන් එකකි. ප්‍රමාණයෙන් එය අපේ පුංචි ලංකාවටත් වඩා පස්ගුණයකින් පමණ කුඩාය. මෙම භූමි ප්‍රමාණයෙනුත් වැඩි කොටසක් පිහිටා ඇත්තේ කාන්තාර පෙදෙස්ය. ලෝකයේ තුන්වැනියට විශාලතම ගෑස් නිධියට හිමිකම් කියන කටාරය ලොව වැඩිම ඒක පුද්ගල ආදායමක් ලබන රට ලෙසද වාර්ථා වෙයි. පසුදා පාන්දරම ඇහැරුනේ තව දුරටත් නිදාගන්නවා කියමින් ඇඳෙහි වැතිරී හිඳීම ඒ වනවිටත් අප්‍රසන්න වී තිබුනු හෙයිනි. නන්දන අයියාටද නින්ද ගොස් නොතිබුන බැවින් ඔහුද ඇහැරී සිටියේය. කාමරයෙන් එළියට පැමිණි අප මැද සාලයෙන් ඉහළ මාලයට යන්නට තිබූ පඩිපෙලෙහි වාඩිවුනෙමු. මට දැනුන හැඟීම්ම නන්දන අයියාටද දැනී ඇති බව ඔහුගේ මුහුණ බලා මා තේරුම් ගතිමි. ඒ නිසා ගෙදරට කෝල් එකක් ගන්නා ලෙස පවසා මගේ දුරකතනය ඔහුට දුනිමි. ඉදිරියෙන් වූ කුස්සියේ කවුරුන් හෝ උයනු පෙනේ. මා ඒ අසලට ගොස් ඔලුව ඔබා බැලුවෙමි. එහි සිය දහවල් කෑම වේල සකසමින් හිටි

ජීවිතේ දිගුම රාත්‍රිය

Image
“හිත වාවනු බැරිවී එන්නට, හිතුනොත් ආපහු ගම රට ” කාගේ හෝ ටැබ් යන්ත්‍රයකින් කාමරය පුරා විසිරෙන සේනානායක වේරලියැද්දයන්ගේ ගීතය සිත තව තවත් ඔද්දල් කර දමයි. සේවා මුර අවසන්ව වරින් වර කාමරයට පැමිණෙන නිත්‍ය සාමාජිකයින් අතින් විදුලි බල්බය දැල්වන වාරයක් පාසා අවදිවීම සිදුවෙයි. තට්ටු ඇඳන් පිහිටා ඇති කාමරයේ මට හිමිවූයේ උඩ තට්ටුවේ ඇඳක්ය. ඒ අසලම ඇති විවර කර ඇති ජනේලය තුළින් කටාරයේ සීතල සුළඟ කාමරයට රිංගා ගන්නේ පළමුව අසුවන මා අධික සීතලෙන් පෙලා දමමින්ය. ජීවිතයේ ප්‍රථම වරට බිරිඳත් දරු දෙදෙනාත් ලංකාවේ තනිකර සැතපුම් දහස් ගණනක දුරක් ගෙවා පැමිණ ගතකරන පළමු රාත්‍රියයි. ලංකාවෙන් එපිට ගෙවෙන පළමු රාත්‍රිය මෙතරම් දිගු වේයැයි කිසිවිටක මට නොසිතී තිබූ තරම! බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් “කටාර් එයාවේස්” සමාගමට අයත් ගුවන් යානයට නගින විට සිතේ තිබූ ප්‍රමෝදය දැන් නම් සහමුලින්ම පිටව ගියාක් වැනිය. මා ඇරලවන්නට ගෙදර සියල්ලන්ම පැමිණියේය. වයස අවුරුදු දෙකකට ආසන්න වූ දියණියත්, මාස තුනක් පමණක් වූ පුත්‍රයාත් , බිරිඳත් දමා ඒම කිසිම විටක පහසු කටයුත්තක් නොවීය. මගේ අම්මාට නම් හැඩුනි. බිරිඳ දෙනෙතින් නොහඩන්නේ මා අධෛර්යට පත්වේ ය